Local News

කෑගල්ලේ සුලගකින් නිවාස 27 ට හානී

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය , යටියන්තොට , දැරණියගල හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් දහයකට අයත් නිවාස 27 පමණ ගස් කඩා වැටීමෙන් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා පවසයි. අනතුරුවලින් කිසිවෙකුටවත් හානි සිදුවි නොමැති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

පළාත් කිහිපයකට වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි Read More

තබ්බෝව අභයභූමියේ මහා පරිමාණ වැලි ජාවාරමක්

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් තබ්බෝව අභය භුමියේ පිහිටා ඇති රළපනාව වැව් පිටිය තුළ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරනු ලබන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් වැව් පිටියේ දැවැන්ත පරිසර හානියක් සිදුව ඇතැයි ගම්මු පවසති. නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහබැද්දෑව ග්‍රාම නිලධාරි වසමට අයත් තබ්බෝව අභයභූමිය තුළ පිහිටා ඇති පෞරාණික මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ඇති Read More

ප්‍රදේශ රැසකට තද වැසි – නායයාමේ අනතුරු ඇගවීම්

කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවැසුවේ ගෙවුණු පැය 24 ක කාලය තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම අනතුරු ඇගවීම නිකුත් කළ බවයි. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල හදුනාගෙන ඇති අවදානම් කලාපවල ජනතාව මෙම අනතුරුදායක Read More

මංතීරු නීතිය අද සිට අකුරට

මංතීරු නීතිය අද සිට අකුරට ක්‍රියාත්මකයි. පෙරවරු 06 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ මංතීරු නීතිය පිළිපැදීම අනිවාර්ය කාරණයක් බවයි පොලිසිය පැවැසුවේ. මංතීරු නීිතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් 2000 ක් ස්ථානීය දඩයක් අය කිරීමට පොලිසියට බලය පැවැරී තිඛෙනවා. එමෙන්ම බරපතල වරදක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බවයි පොලිසිය පැවැසුවේ. Read More

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළිත් කොරෝනා

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි. ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු Read More

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ සංඝරාජ මාවතේ  පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැස තිබේ.   එමෙන්ම එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවේ. පොලිසිය සඳහන් කළේ මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි.   එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් Read More

මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලධීවර සහ නාවුක කටයුුතුවල යෙදීමෙන් වළකින්න

සාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු Read More

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (18) රාත්‍රියේ සිට විවෘත කෙරුණා. ඊසානදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.

ප්‍රදේශ කිහිපයකට මිලි මිටර් සියයක තද වැසි

අද (19) දිනයේත් ඇතැම් ප‍්‍රදේශ වල මිලිමිටර් සියයට වැඩි තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඇතැම් ප‍්‍රදේශවල තද වැසි ඇතිවිමේ අවදානමක් ද පවතිනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා ගාල්ල, මාතර, Read More

t

o

p