තබ්බෝව අභයභූමියේ මහා පරිමාණ වැලි ජාවාරමක්

September 22, 2020

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් තබ්බෝව අභය භුමියේ පිහිටා ඇති රළපනාව වැව් පිටිය තුළ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරනු ලබන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් වැව් පිටියේ දැවැන්ත පරිසර හානියක් සිදුව ඇතැයි ගම්මු පවසති.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහබැද්දෑව ග්‍රාම නිලධාරි වසමට අයත් තබ්බෝව අභයභූමිය තුළ පිහිටා ඇති පෞරාණික මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ඇති රළපනාව වැව ප්‍රදේශයටම ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. මෙම වැව ආශ්‍රිතව ධීවර මෙන්ම කෘෂිකාර්මික කටයුතුවල නියැළෙමින් විශාල පවුල් සංඛ්‍යාවක් ජීවනෝපාය සරි කර ගන්නා බව ප්‍රදේශවාසීහු පවසති.

t

o

p