Local News

චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 90, ලංකාවේ දවස් 8 ක වෙළෙඳ ශේෂය පියවන්නත් මදි

ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් සහ ඩොලර්  මිලියන 1000 ක ණය දෙකක් ඉල්ලා සිටියා.  ලැබුණේ ඩොලර් මිලියන 90 ක සොච්චමක් විතරක් යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ලංකා රජය පසුගිය පෙබරවාරි මාසයේ සිට, චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණයක් ලබා ගැනීමේ සාකච්ඡා කළා.  නමුත්, නිරෝධායනයක් නැතිව ආපු චීන Read More

රට ලොක් ඩවුන් කිරීමට මෙතෙක් සූදානමක් නැහැ

පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරන ජනතාව අවදානම නොතකා සෞඛ්‍ය ක‍්‍රමවේදවලින් බැහැරව කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කරන්නේ. මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ රට වසා දැමීමේ සූදානමක් ඇත්ද යන්නයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේ මෙතෙක් එවැනි Read More

චීනයෙන් ලංකාවට යුආන් මිලියන 600ක ආධාර

ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් සඳහා චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනයේ සභාපති වන් ශියාඔටාඕ සහ  මහාභාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා  පසුගිය 9 වැනිදා අත්සන් කරනු ලැබුහ.  යැං ජියෙචි මහතා ප්‍රුමුඛ චීන රාජතාන්ත්‍රික  කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අත්සන් කරනු ලැබූ අදාල ගිවිසුම ප්‍රකාරව මහජන  චීන සමුහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක ( ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5 ) මුදලක් ආධාර වශයෙන් ලබා දෙනු  ඇත.    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවැනි අතවශ්‍යය මොහොතක මෙම ආධාර මුදල ලබාදීම ගැන චීනයට ප්‍රසංශාව පල කරනු ලබූහ.   මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ්   කාලය  තුළ ග්‍රාමීය  පළාත් වලටවෛද්‍යය පහසුකම්  ලබා දීම, අධයාපනය, සහ ජළ සම්පාදනය ආදී මූලික කාරනා වලට භාවිතා කිරීමට දෙපාර්ශවය එකඟ වූහ. එසේම, චීන කොමියුන්ස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සමාජිකයෙකු වන ගරු යැං ජියෙචි සහ  අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දුන් අනෙකුත් ආධාර සහ ව්‍යාපෘති එනම් පොළොන්නරුවේ ඉදිකළ ජාතික වකුගඩු රෝහල සහ කොළඹ ජාතික රෝහලට ලබා දුන් බාහිර රෝගී අංශය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ගැන කරනු සාකච්ඡා කරනු ලැබූහ.  විශේෂයෙන් කොවිඩ් වසංගතය අතරමැද වුවද එම ව්‍යාපෘති ලබා ඇති සාර්ථකත්වය පැසසුමට ලක්විය.  

ධිවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි

අද(12) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවළ සුළගේ වේගය වැඩි වී මුහුද ද රළු විය හැකි බැවින් ධිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව කාලගුණ Read More

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උසස්පෙළ ඇරඹෙයි

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උසස්පෙළ විභාගය ආරම්භ වුණා. මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824  දෙනෙකු පෙනී සිටිනවා. ඒ මධ්‍යස්ථාන 2648 කදීයී. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් පිහිටුවීමටයි කටයුතු කර තිබෙන්නේ. IDH රෝහල සහ අපේක්ෂ රෝහල ඇතුළු ස්ථාන කිහිපයකද  විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. දැනට උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව මේ බව Read More

කඳාන විදුලි සේවකයන් 12කට කොරෝනා

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ඊයේ දින මෙම ආසාදිත පිරිස හඳුනාගත් බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවත් ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ඉන් සේවකයෙකුගේ දියණිය බැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බවත් ඇය ආසාදිත යයි හඳුනා ගෙන තිබූ බවත් ඔහු පැවසීය.

ධීවර ප්‍රජාවට නිවේදනයක්

ධීවර ප්‍රජාව තම කටයුතු වල නියැලිමේදී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින් වෙත දැනුම් දෙනවා. එහි අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කරන්නේ දෙනුලබන උපදෙස්වලට පටහැනිව ක්‍රියාකළ හොත් ඉදිරියේ දී ධීවර කටයුතු නැවැත්වීමට නියෝග ලබා දීමට සිදුවන බවයි. උතුරු අන්දමන් මුහුද සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු Read More

තව ත් කොරෝනා ආසාදිතයින් 103 ක් හඳුනාගනී

තව ත් කොරෝනා ආසාදිතයින් 103 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ, බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙකු හා ඒ ආශ්‍රිතයින් 101 කි. මේ අතර කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවය.

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට සිසුන් 331,694 දෙනෙක් පෙනී සිටිනු ඇති. ඒ අතර සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් 248,072 දෙනෙකු හා දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් 83,622 ක් ද සිටි. විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාගයට පෙනී සිටින සිසුන් උදෑසන 9.00 වනවිට විභාග Read More

t

o

p