5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද

October 11, 2020

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට සිසුන් 331,694 දෙනෙක් පෙනී සිටිනු ඇති.

ඒ අතර සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් 248,072 දෙනෙකු හා දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් 83,622 ක් ද සිටි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාගයට පෙනී සිටින සිසුන් උදෑසන 9.00 වනවිට විභාග ශාලාවේ අසුන් ගැනීම කළ යුතු අතරම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.

t

o

p