කටුනායක කර්මාන්ත ශාලා තුනක් වසා දමයි

October 10, 2020

මෙරට තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින පිරිස 8000 ක් පමණ වන බවද පැවසේ.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් දහසය දෙනකු ඊයේ වාර්තා වූ අතර එම රැල්ලේ බලපෑම ඊයේ පෙරවරුව වන විට කටුනායක ආයෝජන කලාපයටද ව්‍යාප්ත වී තිබිණි.

කටුනායක ආයෝජන කලාපයේ ඇගලූම් කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් ඒ බව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් ආයෝජන කලාපයේ ඇගලූම් කර්මාන්ත ශාලා තුනක් වසා දැමීමටද බලධාරීහු කටයුතු කළහ.

t

o

p