තව ත් කොරෝනා ආසාදිතයින් 103 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ, බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙකු හා ඒ ආශ්‍රිතයින් 101 කි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවය.