ධීවර ප්‍රජාව තම කටයුතු වල නියැලිමේදී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින් වෙත දැනුම් දෙනවා.
එහි අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කරන්නේ දෙනුලබන උපදෙස්වලට පටහැනිව ක්‍රියාකළ හොත් ඉදිරියේ දී ධීවර කටයුතු නැවැත්වීමට නියෝග ලබා දීමට සිදුවන බවයි.
උතුරු අන්දමන් මුහුද සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වු අඩු පිඩන කලාපය තවදුරටත් වර්ධනය වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතිනවා. මේ පිළිබදව ධිවර ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතුයි.