කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
ඊයේ දින මෙම ආසාදිත පිරිස හඳුනාගත් බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවත් ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
ඉන් සේවකයෙකුගේ දියණිය බැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බවත් ඇය ආසාදිත යයි හඳුනා ගෙන තිබූ බවත් ඔහු පැවසීය.