චීනයෙන් ලංකාවට යුආන් මිලියන 600ක ආධාර

October 13, 2020

ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් සඳහා චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනයේ සභාපති වන් ශියාඔටාඕ සහ  මහාභාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා  පසුගිය 9 වැනිදා අත්සන් කරනු ලැබුහ. 

යැං ජියෙචි මහතා ප්‍රුමුඛ චීන රාජතාන්ත්‍රික  කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අත්සන් කරනු ලැබූ අදාල ගිවිසුම ප්‍රකාරව මහජන  චීන සමුහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක ( ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5 ) මුදලක් ආධාර වශයෙන් ලබා දෙනු  ඇත.    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවැනි අතවශ්‍යය මොහොතක මෙම ආධාර මුදල ලබාදීම ගැන චීනයට ප්‍රසංශාව පල කරනු ලබූහ.  

මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ්   කාලය  තුළ ග්‍රාමීය  පළාත් වලටවෛද්‍යය පහසුකම්  ලබා දීම, අධයාපනය, සහ ජළ සම්පාදනය ආදී මූලික කාරනා වලට භාවිතා කිරීමට දෙපාර්ශවය එකඟ වූහ.

එසේම, චීන කොමියුන්ස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සමාජිකයෙකු වන ගරු යැං ජියෙචි සහ  අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දුන් අනෙකුත් ආධාර සහ ව්‍යාපෘති එනම් පොළොන්නරුවේ ඉදිකළ ජාතික වකුගඩු රෝහල සහ කොළඹ ජාතික රෝහලට ලබා දුන් බාහිර රෝගී අංශය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ගැන කරනු සාකච්ඡා කරනු ලැබූහ. 

විශේෂයෙන් කොවිඩ් වසංගතය අතරමැද වුවද එම ව්‍යාපෘති ලබා ඇති සාර්ථකත්වය පැසසුමට ලක්විය.  

t

o

p