Local News

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ අබලන් ගොඩනැඟිලි නිසා අනතුරක් අතලග

ලෝක උරුමයක් තුළ පිහිටා ඇති එකම බාලිකා විදුහල වන සිසුවියන් 3000කට අධික පිරිසක් සිප්සතර ලබන ගාලු කොටුවේ සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ගොඩනැඟිලි දෙකක් කඩා වැටීමේ බරපතළ අවදානමකට ලක්වී ඇතැයි මවුපියෝ පවසති. සිසුවියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ වනවිට එම විදුහලේ ඉගැන්වීමේ කටයුතු කොටස් දෙකකට බෙදා දෙවරුවක් ලෙසින් පවත්වා ගෙන යන්නට ගෙවි ගිය සති අන්තයේ සිට ක්‍රියාත්මක කර ඇති Read More

සූර්ය කෝෂ බැටරි මෙරට නිපදවීමට සුදානමක්

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.   එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ Read More

ගත වු පැය 24 කොරෝනා ආසාදිතයින් 28ක්

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   ඊයේ (14) හඳුනාගත් නව රෝගීන් 28 දෙනෙකු සමඟය.  ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි 4 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, වියට්නාමයේ සිට Read More

ගම්පහ දිසාවේ මා ඔය ඉවුරේ වැලි කොල්ලය අස්සේ ලිංගික කොල්ලයකුත්!

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු මායිම ඔස්සේ ගලා බසින මා ඔය ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සමඟම  සිදුවන ලිංගික ජාවාරමක් පිළිබඳ ව ද ලංකා ඊ නිවුස් වෙත තොරතුරු වාර්තා වෙයි.මේ පිළිබඳව මුල් වරට කරුණු අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජ විද්‍යා සිසුන් පිරිසක් විසින් කරන ලද මූලික කරුණු විමසීමක දීය. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම,දිවුලපිටිය,කටාන,මීගමුව යන Read More

යතුරු පැදි ආනයනය තහනම් වෙයි

එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මේ ‍පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිතය.

කොරෝනාවෙන් යටගිය මංතීරු නීතිය අද සිට

බස්නාහිර පළාතේ මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කොරෝනා තත්ත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබිණි. කෙසේ වෙතත් එම නීතිය අද (14 ) සිට ක්‍රියාත්මක වේ.

ගහක් කොලක් නැති හෙටක් – වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට

දෙදහස් පනහ වන තෙක් දියත් කිරමින් යන ජාතික භෞතික සැලසුමට අවශ්‍ය ඉඩම් ලබාගැනීම සදහාත් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 චක්‍රලේකය පසෙක තබා බහුජාතික සමාගම් හා ව්‍යාපාරිකයන් වෙත ඉඩම් ලබාදීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් ඇත. ඒ සදහා සියලුම ප්‍රදේශීය හා Read More

අධිකරණය හමුවේ දැක්විය යුතු කරුණු පාර්ලිමේන්තුවේදි නොකියන ලෙස කතානායක සජිත්ට කියයි

‍මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ප්‍රේමලාල් ජයසේකර මහතාට , අයිතිවාසිකම් නොමැති බව හුවා දක්වමින් විපක්ෂනායක ඇතුළු කණ්ඩායම සිදුකළ කරුණු දැක්වීම් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිවරුම් දුන් මොහොතේ සිටම ඒ මහතා අවමානයට අපහාසයට ලක්කරමින් විපක්ෂය උත්සාහ දරන්නේ ඒ මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම බවද Read More

පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා දැමීමේ තීන්තදුව දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තු මහජන ගැලරිය තවදුරටත් තාවකාලිකව වසා දැමීමට ගත් තීන්දුව තවදුරටත් පවත්වාගැනීමටත්, පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අමුත්තන් සීමා කිරිමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළේය. දැනට පවතින සෞඛ්‍ය නිර්ණායක අනුව තාවකාලික පියවරයක් ලෙස මහජන ගැලරිය මෙලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කතානායකවරයා සඳහන් කළේය. Read More

තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   කිරිබත්ගොඩ පොලීසිය කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නැමැත්තා අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත

t

o

p