මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ප්‍රේමලාල් ජයසේකර මහතාට , අයිතිවාසිකම් නොමැති බව හුවා දක්වමින් විපක්ෂනායක ඇතුළු කණ්ඩායම සිදුකළ කරුණු දැක්වීම් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිවරුම් දුන් මොහොතේ සිටම ඒ මහතා අවමානයට අපහාසයට ලක්කරමින් විපක්ෂය උත්සාහ දරන්නේ ඒ මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම බවද සභානායකවරයා සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් අද (11) දිනයේ නැවතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් දිගින් දිගටම දැක්වූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ කතානායකවරයා විසින් තීන්දුවක් ලබාදී ඇති යම් කරුණක් සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේද ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙසය.
එලෙස සිදු නොකර දිගින් දිගටම දෛනිකව පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු වලට බාදා කරමින් මේ උත්සාහ දරන්නේ ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීමට බවද සභානායකවරයා සදහන් කළේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා –
සෙල්වරාජා යෝගේෂ්වරන් නැමැත්තා ටෙලෝ සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිෂම විසින් පාර්ලිමේන්තුවට නම් කර ගැසට් කළා. නමුත් එතුමාගේ නම නම් කර පාර්ලිමේන්තුවට එවනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු මරණ දඩුවමට ලක්කර තිබුණා. සෙල්වරාජා යෝගේෂ්වරන් විසින් අභියාචනයක්ද ඉදිරිපත් කළා. නමුත් එවකට කතනායකවරයා වූ බාකිර් මාකර් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යෝගේෂ්වරන් මහතා හට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. බාකිර් මාකර් මහතා බොහොම වැදගත් ලෙස පූර්වාදර්ශයක් ලබාදුන්නා. එලෙස ලබාදී ඇති පූර්වා දර්ශය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති උල්ලංඝණය කරමින් ඔබතුමා කටයුතු කර තිබෙන බවයි මට හැගෙන්නේ . සෙල්වරාජා යෝගේෂ්වරන් හට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වුයේ අභියාචනයක්ද සිදුකර තිබියදී. එසේ නම් ඒ පූර්වාදර්ශය ඔබ අනුගමණය නොකරන්නේ ඇයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා –
ඔබතුමා දැන් මෙතන නැගු තර්කය නඟන්නට තිබුනේ මෙතන නෙවෙයි. අභියාචනාධිකරණ උසාවියේදී. ඇපිල් උසාවියේ තීන්දුව අනුවයි අපි කටයුතු කළේ. ඒ තීන්දුව අපට එවා තිබෙනවා. අපි ඒ අනුව කටයුතු කළා.
සජිත් ප්‍රේමදාස මහතා –
අපි අධිකරණය ගැනවත් , අධිකරණයට පත්කර ඇති විනිසුරුවන් ගැනවත් විවේචන කරන්නේ නැහැ. කතාවක් ඇතිකරමින් තිබෙනවා, අපි එවැනි උත්සාහයක සිටින බවට. අපි එවැනි ආකාරයේ සදාචාර සම්පන්න නොවන ක්‍රියාවන් වල නිරත වන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ට හා 91 ට වඩා ඉහළ එකක් තිබෙනවාද. මේ තීන්දුව ගන්න උපදෙස් දුන්න අය කව්ද කියා මම දන්නේ නැහැ. නමුත් මේ 89, 91 වගන්ති කියවන්නේ නැතිවයි උපදෙස් දී තිබෙන්නේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –
හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය ගැන පාර්ලිමේන්තුවේ සිදුවූ විභාගය නතර කරන්න කියලා අධිකරණය කිව්වා. නමුත් එවකට කතානායක චමල් රාජපක්ෂ මහතා
එය පිළිගත්තේ නැහැ.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා –
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යම් කාරණාවක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකළා. මේ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් නම්කර එවා පාර්ලිමේන්තුවෙහි දිව්රුම් දීමට පැමිණි දිනයේදී ත් විවිධ තර්ක මතුකරමින් බාදා කළා.
විපක්ෂයට කටයුතු කරන්නට අවශ්‍යනම් අදාළ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න.අපි ආණ්ඩුව ලෙස ඒ වෙනුවෙන් ඇහුම්කන් දීමට සූදානම්. කතාකරන්නන් වාලේ කතා නොකළ යුතුයි. කොයි පැත්තේ සිටියත් ගෞරවනීය මන්ත්‍රීවරු. නමුත් අපේ මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් නැති බව පෙන්වීමට අදාළව දරන උත්සාහයට විරුද්ධයි. ඒ නිසා ඊට අදාළ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. එලෙස ඉවත් කළ හැකියි. අපේ මන්ත්‍රීවරයාට ඇති අයිතිවාසිකම් නැති බව පෙන්වීමට දරන උත්සාහය නතර කළ යුතුයි. අපි කොයි පැත්තේ සිටියත් ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතින් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා එම කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න.
සජිත් ප්‍රේමදාස මහතා –
කතානායකවරයා කියන්නේ ආඥා දායකයකු නොවෙයි.ඒ නිසා මේ කරුණු එලෙස හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න එපා කියලා මම කතානායකවරයාගෙන් ඉල්ලනවා.
කතානායකවරයා –
ඒ ගැන පසුව බලන්නම්.