පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා දැමීමේ තීන්තදුව දීර්ඝ කෙරේ

September 11, 2020

පාර්ලිමේන්තු මහජන ගැලරිය තවදුරටත් තාවකාලිකව වසා දැමීමට ගත් තීන්දුව තවදුරටත් පවත්වාගැනීමටත්, පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අමුත්තන් සීමා කිරිමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළේය.


දැනට පවතින සෞඛ්‍ය නිර්ණායක අනුව තාවකාලික පියවරයක් ලෙස මහජන ගැලරිය මෙලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කතානායකවරයා සඳහන් කළේය.


එමෙන්ම මීට අදාළ ඉදිරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය අපේක්ෂා කරන බවද කතානායකයරයා පැවසීය.  

t

o

p