Local News

මුතුරාජවෙල අභයභූමියේ ඉඩම් අල්ලා ගැනීමේ මෙහෙයුමක්

හෝටලයක්, මහාපරිමාණ ගොල්ෆ් ව්‍යාපෘතියක් ඇතුළු ව්‍යාපෘති කීපයක් සඳහා ව්‍යාපාරිකයකු මුතුරාජවෙල අභයභූමි කලාපයේ ඉඩම් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇතැයි හෙළි වනවා. එම ව්‍යාපාරිකයා මෙම වගුරු බිමේ තැන් තැන්වල ‘ඇතුළුවීම තහනම්’ බවට පුවරු පවා සවිකර ඇති බවත් පරිසරවේදීහු සඳහන් කරනවා. මෙම පුවරු සවිකර ඇත්තේ පෙරේදා (22 වැනිදා) බවද වාර්තා වනවා.

කෝපා සභාපති ධූරය තිස්ස විතාරණට

රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ. ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත.

නිවාස අමාත්‍යංශයේ වංචා දූෂණ පොකුරු පිටින් එළියට

සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය. ඒ මහතා මෙම අදහස් පලකලේ සර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට Read More

කෝප් සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් පත්කරයි

කෝප් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන ඇත. එහි අනෙක් සාමාජිකයින් වන්නේ, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් ,දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය සරත් විරසේකර, ඩී.වී. චානක,ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර දිසානායක, පාඨලී චම්පික, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් Read More

කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමේ

කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ සිට තාවකාලිකව වසා දමයි. ඒ එම තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. කන්සිලූලර් සේවාවන් සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සේවා කටයුතු ලබා ගත හැකි බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

පොල්වලට උපරිම සිල්ලර මිලක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව Read More

මෙරට කොරෝනා රෝගීන් ගණන 3,313ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන 3,313ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සමස්ථ ආසාදිතයින්ගෙන් 3,118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 182ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්ය චරිත හේරත්ට

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාවේ සභාපතිධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පත්ව ඇත. පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (22) සවස පැවැති කෝප් කමිටුවේ පළමු රැස්වීමේදි එහි සභාපති ලෙස චරිත හේරත් මහතා පත් කරගෙන තිබේ. නම වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සාමාජිකයන් පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළ අතර එහි Read More

අතාවුල්ලාගේ ඇදුම හේතුවෙන් පාර්ලිමේන්තුව යළි උණුසුම්වේ

ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට හැද සිටි ඇදුම සභාවට නොගැලපෙන ඇදුමක් බව පෙන්වා දෙමින් කෑ කෝ ගැසීම නිසා ඔහුට සභාවෙන් පිටව යාමට සිදුවිය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විරෝධය පළකරමින් කෑ කෝ ගසා අවසන් වූ පසු අතාවුල්ලා මහතා සභාවට පැමිණි අතර එම අවස්ථාවේ නැගී සිටි නලීන් බණ්ඩාර මහතා Read More

ආණ්ඩුව 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දි විපක්ෂයේ විරෝධතා, සභාව උණුසුම්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පළමුවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු කලු පටි පැලැඳ, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභා ගැබ මැදට පැමිණ කෑ කෝ ගසමින් පැයක පමණ කාලයක් විරෝධතාවයක නිරතවූහ. 20 එපා… 20 එපා කියමින් මෙම පිරිස සභාව මැදට පැමිණ කෑ කෝ ගසද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද විපක්ෂ මන්ත්‍රීවරු අසලට පැමිණ 20 ඕනා… 20 Read More

t

o

p