සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පලකලේ සර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.
මෙම කටයුතු සිදු කර ඇත්තේ නීතියක් ක්‍රමවේද සියල්ල නොතනමින් බවත් ඇමතිවරයා පැවසීය.