කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්ය චරිත හේරත්ට

September 22, 2020

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාවේ සභාපතිධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පත්ව ඇත.

පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (22) සවස පැවැති කෝප් කමිටුවේ පළමු රැස්වීමේදි එහි සභාපති ලෙස චරිත හේරත් මහතා පත් කරගෙන තිබේ. නම වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සාමාජිකයන් පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළ අතර එහි මංගල රැස්වීමේ පළමු කාර්යය වන්නේ සභාපතිවරයෙකු පත් කර ගැනීමය.

ඒ අනුව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කෝප් කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම යෝජනා කර ඇති අතර රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා විසින් එය ස්ථිර කර තිබේ.

t

o

p