Local News

රනිල්,නාමල්,විජ­ය­දාස,දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) අත්සන් තැබීය. මහා සංඝ­ර­ත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣා­යනා කර ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආශී­ර්වාද පළ කළ අතර අන්‍යා­ග­මික පූජ­ක­වරු ද ආග­මික වතා­වත් සිදු කොට ආශී­ර්වාද පළ කළහ. අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන් රැසක් ද එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් Read More

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.54ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.82ක් ලෙස සටහන් වුණි.

නාමයෝජනා භාරගැනීම අද පෙරවරුවේ

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දීයි.එම අවස්ථාවේ දී ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් රැඳී සිටිය යුතු ස්ථාන වෙන් කර දී ඇති බව සඳහන්. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් රැඳී සිටිය යුත්තේ, රාජගිරිය වැලිකඩ මංසන්ධිය කොටාපාර දෙසට තිබෙන කතොලික දේවස්ථානය ඉදිරිපිටයි. Read More

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව විසිපන්දහසකින් වැඩි කිරීමට අනුමැතිය

සියලුම රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන ජනවාරි මාසයේ සිට රුපියල් විසිපන්දහසකින් වැඩි කිරීම ඇතුළුව රාජ්‍ය අංශය සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජීවන වියදම් දීමනාව මෙලෙස වැඩි කෙරෙන්නේ සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව ය. මෙම දීමනාව ගෙවනු ලබන්නේ දැනට ගෙවන ජීවන වියදම් දීමනා සඳහා සිදුකර තිබෙන විවිධ ගැළපීම් හා Read More

ඊලෝන් මස්ක්ගේ STARLINK සේවා බලපත්‍රය නිකුත් කෙරේ

ඊලෝන් මස්ක්ට අයත් ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබේ. ඒ, අනුව 2024 අගෝස්තු මස 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබූ බවයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කියා සිටියේ.

නාම යෝජනා කැඳවීම ගැන සාමාන්‍ය ජනතාවත් දැනගත යුතු කරුණු

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව හෙට (15) පෙරවරු 9.00 ට උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම උදේ 11.00 සිට 11.30 දක්වා කළ හැකියි. විරෝධතා කාලය අවසන් වීමෙන් පසු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද ලකුණු නිකුත් Read More

ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට තීරණයක්

අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ඉදිරි මාස 03ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව අදාළ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වේ. ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, Read More

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළට

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 15ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 11ක් ලෙස නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් සහ වෙනත් පැමිණිලි 03ක් ලෙස සමස්ත පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන්. මෙහිදි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් Read More

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන හොයන්න කඩා පනින හමුදාවක්

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම එය ක්‍රියාත්මක වන බව සඳහන්. දැනටමත් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 120ක් පමණ කොමිසම වෙත ලැබී ඇති බව සඳහන්. මැතිවරණ Read More

“ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වේ

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස Read More

t

o

p