නාමයෝජනා භාරගැනීම අද පෙරවරුවේ

August 15, 2024

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දීයි.එම අවස්ථාවේ දී ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් රැඳී සිටිය යුතු ස්ථාන වෙන් කර දී ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් රැඳී සිටිය යුත්තේ, රාජගිරිය වැලිකඩ මංසන්ධිය කොටාපාර දෙසට තිබෙන කතොලික දේවස්ථානය ඉදිරිපිටයි.

ජාතික ජනබලවේගයේ නියෝජිතයන් පාර්ලිමේන්තු පාර දෙසට පිහිටා ඇති පොලිස් ස්ථානය ආසන්න ස්ථානයක රැඳී සිටිය යුතු වෙයි.සමගි ජනබලවේගයේ නියෝජිතයින් සරණ පාර සහ කොටා පාර අතර ඇති හතරමං හන්දියේ රැඳී සිටිය යුතු බව සඳහන්.

එමෙන් ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පිරිස පාර්ලිමේන්තු පාර සහ සරණ පාර පිහිටා ඇති තුන්මං හන්දිය අසල රැඳී සිටිය යුතුයි.

මේ අතර නාමයෝජනා භාරගැනීම වෙනුවෙන් අද පෙරවරු 8.00 සිට දහවල් 2.00 දක්වා මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙයි.

t

o

p