රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව විසිපන්දහසකින් වැඩි කිරීමට අනුමැතිය

August 14, 2024

සියලුම රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන ජනවාරි මාසයේ සිට රුපියල් විසිපන්දහසකින් වැඩි කිරීම ඇතුළුව රාජ්‍ය අංශය සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජීවන වියදම් දීමනාව මෙලෙස වැඩි කෙරෙන්නේ සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව ය. මෙම දීමනාව ගෙවනු ලබන්නේ දැනට ගෙවන ජීවන වියදම් දීමනා සඳහා සිදුකර තිබෙන විවිධ ගැළපීම් හා මේවන විටත් එක්කර තිබෙන දීමනා සියල්ල ඒකාබද්ධ කරමිනි.

මීට අමතරව රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප ජීවන වියදම් දීමනාව ද සමග රුපියල් පනස්පන්දහසක් දක්වා වැඩි කිරීමටත් ඒ අනුව සෙසු සියලු තනතුරු සඳහා මූලික වැටුප ගැළපීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

t

o

p