රනිල්,නාමල්,විජ­ය­දාස,දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

August 15, 2024

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) අත්සන් තැබීය.

මහා සංඝ­ර­ත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣා­යනා කර ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආශී­ර්වාද පළ කළ අතර අන්‍යා­ග­මික පූජ­ක­වරු ද ආග­මික වතා­වත් සිදු කොට ආශී­ර්වාද පළ කළහ.

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන් රැසක් ද එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය ලබා­දෙන දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ, නාමල් රාජ­පක්ෂ සහ දිලිත් ජය­වීර යන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ද සිය නාම­යෝ­ජනා පත්‍ර­ව­ලට ඊයේ සිය කාර්යා­ල­ව­ලදී අත්සන් තබනු ලැබීය.

t

o

p