Local News

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් වල අතිරික්තයක්

සීනි කර්මාන්තශාලා වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව නිලධාරීහු විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ. මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ Read More

ගාලු උරුම පදනමේ අනාගත ඉලක්කයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ගාලු උරුමය පදනමේ අනාගත ඉලක්කයන් හා සැළසුම් මොනවාද යන්න පිළිබඳව විමසන ලදී. ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වය යටතේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය. ඒ අනුව පුරාවස්තු ආඥාපනත මගින් ආවරණය නොවන උරුම,වත්කම් ආරක්ෂාව සඳහා ලැයිස්තුගත කිරීමට Read More

විදේශ මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31ක් පමණයි

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය විය. මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ Read More

වැස්සත් සමග ළමා රෝග වැඩිවේ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බව සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවධානය යොමුකළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් Read More

බෙන් ස්ටෝක්ස් 2024 IPL තරඟාවලියෙන් ඉවත් වෙයි

2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර තිබේ. තම රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කලමනාකරණය කර ගැනීමට මෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඔහුගේ කණ්ඩායම් කාර්ය භාරය සහ යෝග්‍යතාවය කළමනාකරණය කර Read More

ගාසා සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි

ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට බාර දී ඇත. මේවන විට ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක අතර ඒ අනුව මෙලෙස හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 24 දෙනෙකු නිදහස් කර ඇති අතර ඔවුන් නැවත ඊශ්‍රායලයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් අතර ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු, Read More

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ. 2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා Read More

අපනයන ක්ෂේත්‍රයට පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට Read More

‘අස්වැසුම’ අභියාචනා හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ 18 වෙනි රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වන ලදි. මෙහිදී ‘අස්වැසුම’ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරුණි. මෙම සාකච්ඡාව සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්, Read More

ව්‍යවස්ථාදායක සභාවට ජනපතිගෙන් චෝදනා

ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට එම සභාවේ ඇතුලෙන් ගෙන යන වැඩ පිළිවෙල නිසා අධිකරණයට සහ පොලිසියට වැඩ කරගැනීමට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එබැවින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු පිළිබඳ විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ලබන සතියේ පත් කරන බවද ජනාධිපති කීවේය. එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.දැන් වෙලා තිබෙන්නේ Read More

t

o

p