මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

October 12, 2024

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහායි.

අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරන බවයි වාර්තා වෙයි.

t

o

p