ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

October 11, 2024

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අද (11) පෙ.ව. 7.00 සිට හෙට (12) පෙ.ව. 7.00 වන තෙක් වලංගු වන පරිදියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

t

o

p