නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

October 11, 2024

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත

කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය- ඇල්ල, හාලි ඇල, පස්සර

t

o

p