Foreign News

ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවනින් බෝම්බ හෙළීම සිදු කරන බවත්, ගොඩබිම් මෙහෙයුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා Read More

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබේ. මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි. එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව Read More

ඊශ්‍රායල හමුදාව සිය ප්‍රහාර දැඩි කරයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා එම තීරණය ගත් බවයි. ඒ අනුව උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් ජනතාව රැඳී සිටී නම් වහාම දකුණු ප්‍රදේශ බලා ගමන් කරන ලෙස ඔහු Read More

‘එක් තීරයක් එක් මාවතක්’ නායක සංසදය ඇරඹේ

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල බෙයිජිං හි දී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක් ඇතුළු පිරිසක් සංසදයට එක් ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී Read More

සටන් විරාම මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි

මානුෂීය ආධාර සඳහා අවසර ලබා දෙමින් දකුණු ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ සම්බන්ධව ඊශ්‍රායලයේ අගමැති කාර්යාලය තනි වාක්‍යයක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි සඳහන් වන්නේ ‘සටන් විරාමයක් නැත‘ වගන්තිය පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා Read More

පලස්තීන ෆේස්බුක් පුවත් පිටුවක් Meta සමාගම මකා දමයි

පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Networkහි ෆේස්බුක් ගිණුම මකා දැමීමට මෙටා සමාගම කටයුතු කර තිබේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමට කටයුතු කර ඇත. Read More

ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කරන තුරු ගාසා තීරයේ සැපයුම් නවතී

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වේ. පසුගිය ඉරිදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයින් ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධයෙන් බෙදුනු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි. පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සියලුම දෙනාව නිදහස් කරන තුරු ගාසා තීරය වෙත සැපයුම් ලබා නොදෙන බව ඊශ්‍රායලය Read More

ඊශ්‍රායලය තුළ හදිසි මධ්‍යම රජයක්

ඊශ්‍රායලය තුල හදිසි මධ්‍යම රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබේ. අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමට සැලසුම් කර තිබේ. මේ වන යුද ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම 2500කට වැඩි පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක් සිදු වී තිබේ. හෙරාත් නගරයට කිලෝමීටර් 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.  එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන්. භූ කම්පනයෙන් හෙරාත් ප්‍රදේශයේ ගම්මාන 12කට භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1000කට ආසන්න සංඛ්‍යාවක්ද විනාශ වී තිබේ. එසේම බටහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් භූ කම්පනයෙන් Read More

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයේ මරණ ගණන ඉහළට

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කරයි. බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි. ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ. සුන්බුන් අතර විශාල පිරිසක් Read More

t

o

p