වසර 75කට පසු ඩුබායි යටවෙයි

April 17, 2024

වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ.

මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවූ උපරිම වර්ෂාපතනය ලෙසය.

මේ සමඟ ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වී තිබිණි.

t

o

p