රුසියාවේ අගනගරයට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

March 23, 2024

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගිලන් රථ 50ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් රුසියාව මෙම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහස් දක්වා නැත.

මේ අතර අමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ තත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බවත් යුක්‍රේනය මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

t

o

p