ජපාන නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටෙයි

April 21, 2024

ජපාන නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබේ.

පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ජපාන නාවික හමුදා ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූ නිලධාරීන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

t

o

p