Foreign News

චීනයේ සංචාරය කළොත් දඬුවම්

නියෝග නොතකා කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් නැවත රටට පැමිණීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත. වයිරසයට එරෙහි ආරක්ෂිත සෞඛ්‍ය පියවරක් ලෙස සෞදි අරාබියේ කිසිදු පුරවැසියකුට හෝ සෞදි අරාබියේ සිටින විදේශිකයකුට චීනයට යෑම තාවකාලිකව තහනම් යැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගැන දත්ත රැස්කරයි

කොරෝනා වෛරසය පිළිබද දත්ත ජාලයක් පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි. අවශ්‍ය සහය ලබාදෙන ලෙස බලධාරීන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමයි අරමුණ. විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ සඳහා චීනයට යොමු කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ අත්‍යාවශ්‍ය නොවන හේතු මත චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් දැනුම්දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

හුබෙයි සිට එන විදේශිකයන්ට දකුණු කොරියාවෙන් තහනමක්

චීනයේ හුබෙයි පළාතට සංචාරය කළ විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගනියි. දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් සෙයි කුන් මේ බව ප්‍රකාශ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

කොරෝනා පාලනයට ඩ්‍රෝන තාක්ෂණය

චීනය නව කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමට ඩ්‍රෝන තාක්ෂනය උපයෝගී කරගෙන තිබේ. නගරවල සැරිසරන අතැම් පුද්ගලයින් මුව ආවරණ නොපැළඳ සිටීම නිසා දුරස්ථ සන්නිවේදන පාලන ක්‍රම ඔස්සේ ඔවුන් සොයා ගොස් අවවාද කිරීමට චීනය ඩ්‍රෝන යානා භාවිත කරන අයුරුයි මේ. වෛරසය අන් අයට බෝවීම වැළැක්වීම සඳහා මෙන්ම එයින් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පයක් වන්නේ තම නිවාස තුළටම Read More

කොරෝනා බොර තෙල් මිල ශීඝ්‍රයෙන් අඩු කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන ලෝක ආර්ථික වෙළෙඳ පොළ තත්ත්වයන් හමුවේ වෙළෙඳ පොළේ බොරතෙල් මිල මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇත. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටී තිබූ අතර, එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව පොරතෙල් මිල වාර්තා වූ පහළම අගයයි.

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි

චීනයේ වූහාන් නගරයේදි මාරාන්තික කොරෝනා වෛරසය වැළදි පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. මෙය චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය ලෙස වාර්තා වී ඇත.  මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවතට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙස සදහන් කළ බවයි.  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු සංක්‍රාන්ති සමයකට මුහුණදීමට නියමිතය.   2016 වසරේ පැවති ජනමත විචාරණයට අනුව සියයට 52 ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර තිබුණි.

දකුණු කොරියාවෙන් චීනයට මානුෂීය ආධාර

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව තීරණය කරයි. අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර තොගයක් චීනයේ වූහාන් නගරය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි දකුණු කොරියාව පවසයි.  වූහාන් නගරයේ මේ වන විට මුහුණු ආවරණ ඇතුළු වෛද්‍ය සැපයුම්වල දැඩි හිගයක් මේ වන විට පවතින බව වාර්තා Read More

රුසියාව චීන දේශසීමාව වසාදමයි

නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනයට මායිම් වන දේශසීමාව වසා දමන බව රුසියාව  ප්‍රකාශ කරයි. “අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න අපි හැමදේම කරනවා” යැයි රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් පැවැසීය. . දෙරට අතර ගමනාගමන කටයුතු යනාදිය නවතා දැමීමට රුසියාව පියවර ගෙන ඇත.

අමෙරිකාවෙන් කොරෝනා වෛරසය පාලනයට සහය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මාරාන්තික කොරෝනා වෛරසය පාලනය සඳහා චීන ජනාධිපති ෂී ජින් පින්ග් වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි. කොරෝනා වෛරසය ආසාදිතයින් කිහිපදෙනෙකුම මේ වන විට අමෙරිකාවෙන් ද වාර්තා වී ඇත. 

t

o

p