ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි

May 1, 2024

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් Major General (R) Faheem Ul Aziz ඊයේ (30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවයි.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරුණි.

t

o

p