වතු සේවකයින්ගේ වැටුප් ඉහළට

May 2, 2024

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700ක දක්වා ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි

තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මකයි.

එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ සඳහන් වෙයි

t

o

p