Foreign News

රසායනික අවි තොගයක් විනාශ කරයි

ඇමරිකානු රජය එරට සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට පියවර ගෙන තිබේ.එලෙස විනාශ කර තිබෙන්නේ දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් බව සඳහන් වේ. ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙන්නේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බවයි.

අමෙරිකාවේ OceanGate සමාගම සියලු මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවයි

අමෙරිකාවේ OceanGate සමාගම සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම සමාගම සිය වෙබ් අඩවියේ මේ බව නිවේදනය කර ඇත. එම සමාගමේ ටයිටන් සබ්මැරිනය පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ අතර, අමෙරිකා වෙරළාරක්ෂක බලකාය ජූනි 22 වැනිදා නිවේදනය කළේ එය පිපිරීමකට ලක්ව ඇති බවය. එහි සිටි OceanGate සමාගමේ විධායක නිලධාරී Read More

බලාගාරයේ අපජලය බැහැර කිරීමේ සැලැස්මට ජාත්‍යන්තර අනුමැතිය

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය ජපානය ඉදිරිපත් කළ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය බැහැර කිරීමේ සැලැස්මට හිමිව තිබේ. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට 2011 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් හානි සිදුවිය. ඝනමීටර් මිලියන ගණනක ජලය ඒ හේතුවෙන් බලාගාරය තුළ සිරව තිබේ. පරමාණු බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව Read More

ජංගම දුරකථන ඇතුළු ඒ ආශ්‍රිත උපාංග පන්තිකාමර තුළ භාවිතය තහනම්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජංගම දුරකථන ඇතුළු ඒ ආශ්‍රිත උපාංග පන්තිකාමර තුළ භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය අවධානය යොමුකර ඇති බවයි. මෙම වැඩසටහන ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය පාසල්වලින් ආරම්භ කරනු ලබයි. එම තීරණය ගෙන ඇත්තේ ජංගම දුරකථන භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේදී සිදුවිය හැකි බාධා පිළිබඳ අවධානය යොමුකරමින් බවද වාර්තා වෙයි.

ගුවන් යානා දෙකක් ගැටෙයි

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි.

වැග්නර් එපා – රුසියානු ආරක්ෂක අංශ

ඉකුත් දා ඇතිවූ කැරැල්ලෙන් පසු රුසියානු ආරක්ෂක අංශ තුළ වැග්නර් කුලී හමුදාවට ඇති විරෝධය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එරට රජයට දන්වා ඇත්තේ අමතර භට පිරිස් අවශ්‍ය වුවත් එම අවශ්‍යතාවය සඳහා කුලී හමුදා කණ්ඩායම් අවශ්‍ය නොවන බවයි. රුසියාවට මිලියන 07 ක පමණ වෘත්තිය හමුදා කණ්ඩායමක අවශ්‍යතාව Read More

රුසියාවේ දුර්වලතාව ලොවට හෙළිවී ඇතැයි යුක්රේන ජනපති කියයි

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද සන්නද්ධ කැරැල්ල, රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ සාක්ෂියක් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ දුර්වලතාවය මෙමගින් පැහැදිලි වන බවයි. රුසියාව තම හමුදාවන් සහ කුලී හේවායන් තම භූමියේ තව දුරටත් තබා ගන්නා තරමට මෙම ගැටළු වැඩි වනු ඇති Read More

තායිවානයෙන් චීනයට චෝදනා

තායිවානය චෝදනා කරන්නේ චීන ගුවන් හමුදාව අද දිනයේත් තම ගුවන් කලාපය උල්ලංඝනය කළ බවයි. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ චීන යුද ගුවන්යානා අටක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර නාවික සැතපුම් 24ක් තම කලාපයට සමීප වූ බවයි. චිනය යුද ගුවන්යානා 19ක් තම ගුවන් කලාපය ආසන්නය වෙත එවා ඇති බවත් එයින් 8ක්ම සීමාව උල්ලංඝනය කළ Read More

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබේ. එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි. ඉන්දියාවේ වේලාවෙන් අද (24) අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවට වාර්තා විය.

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව සඳහන්ය.

t

o

p