වැග්නර් කුලී හේවා කණ්ඩායමේ සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද සන්නද්ධ කැරැල්ල, රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ සාක්ෂියක් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි.
ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ දුර්වලතාවය මෙමගින් පැහැදිලි වන බවයි.
රුසියාව තම හමුදාවන් සහ කුලී හේවායන් තම භූමියේ තව දුරටත් තබා ගන්නා තරමට මෙම ගැටළු වැඩි වනු ඇති බවටයි ඔහු අනතුරු අඟවයි.
රුසියාවේ ක්‍රියාකාරකම්වලින් යුරෝපය ආරක්ෂා කිරීමට යුක්රේනයට හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
වැග්නර් සන්නද්ධ කණ්ඩායමේ මෙම ක්‍රියාව රුසියානු ජනාධිපතිවරයාගේ දීර්ඝ පාලනයට මෙතෙක් එල්ල වූ බරපතලම අභියෝගය වන අතර, 1999 වසරේ අගභාගයේදී ධුරයට පත්වීමෙන් පසු රුසියාවේ ඇති බරපතලම ආරක්ෂක අර්බුදය මෙය ලෙසටයි සැලකෙන්නේ.
යුක්රේන ජනපති සෙලෙන්ස්කි පෙන්වා දෙන්නේ සිය දහස් ගණනක් යුද්ධයට ඇද දැමූ පුටින්ට අවසානයේ ඔහු විසින්ම සන්නද්ධ කළ අයගෙන් මොස්කව් කලාපයට බලපෑම් එල්ලවන ආකාරය බලා සිටීමට සිදුවී ඇති බවටයි.
රුසියාවේ දුර්වලතාවය ලොවට හෙළිදරව් වී ඇති අතර රුසියාවට තවදුරටත් ඔවුන්ගේ මෝඩකම සැඟවිය නොහැකි බව ද ඔහු පවසා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ වැග්නර් කණ්ඩායම විසින් ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.