ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

June 25, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) පැවැත්වේ.

බුලවායෝහීදී පැවැත්වෙන තරගය ක්‍රියාත්මක වන්නේ, B කාණ්ඩය යටතේයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජය ගෙන B කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.

තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත් ඇති අයර්ලන්තය එම කාණ්ඩයේ රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි.

ශ්‍රී ලංකාව සහභාගී වන තරගය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ නැරඹිය හැකි වේ.

t

o

p