විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව ය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යොමු කරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.