Ayur Ex – 2024 සම්ම­න්ත්‍ර­ණය අදත් හෙටත්

May 4, 2024

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍ය­න්ත­ර­යට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex – 2024) ජාත්‍ය­න්තර පර්යේ­ෂණ එළි­දැ­ක්වීමේ තෙදින සම්ම­න්ත්‍ර­ණයේ සමා­ර­ම්භක උත්ස­වය ඊයේ (3) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ, අධ්‍ය­පන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජය­කොඩි අමා­ත්‍ය­ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජය­කොඩි මහ­තාගේ සංක­ල්ප­ය­කට අනූව සංවි­ධා­නය කෙරෙන මෙම සම්ම­න්ත්‍ර­ණය අද (4) සහ හෙට (5) දින­ව­ලදී පැවැත්වේ.

මේ ජාත්‍ය­න්තර පර්යේ­ෂණ එළි­දැ­ක්වීමේ සම්ම­න්ත්‍ර­ණය මෙවර පව­ත්වන්නේ දෙවැනි වර­ටය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමා­ත්‍යාං­ශය, ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුව, කැළ­ණිය විශ්ව විද්‍යා­ලයේ පශ්චාත් උපාධි අධ්‍ය­යන අංශය, ඒකා­බ­ද්ධව සංවි­ධා­නය කරන මෙම ජාත්‍ය­න්තර පර්යේ­ෂණ එළි­දැ­ක්වීමේ තෙදින සම්ම­න්ත්‍ර­ණයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළි­බ­දව පර්යේ­ෂ­ක­යින්, ශිෂ්‍ය­යින් සිදු කල පර්යේ­ෂණ පත්‍රිකා ඇතුලු ජාත්‍ය­න්ත­රව දේශීය වෛද්‍ය ක්‍රම පිළි­බ­දව සිදු කළ පර්යේ­ෂණ 270 කට අධික සංඛ්‍යා­වක් ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. ඊයේ (3) සමා­ර­ම්භක සැසියේ ප්‍රධාන දේශ­නය Director General Central Council For Research in Ayurvedic Sciences (CCRAS), India – Prof Vaidya Rabinarayan Acharya මහතා විසින් සිදු කරන ලදී. මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල, ආයු­ර්වේද දෙපා­ර්තු­මේ­න්තුවේ ආයු­ර්වේද කොම­සා­රිස් ජන­රාල් ධම්මික අබේ­ගු­ණ­ව­ර්ධණ, කැළ­ණිය විශ්ව විද්‍යා­ලයේ උප කුල­පති ජේෂ්ඨ මහා­චාර්ය නිලන්ති ද සිල්වා, කොළඹ විශ්ව විද්‍යා­ලයේ උප කුළ­පති ජේෂ්ඨ මහා­චාර්ය එච්.ඩී.කරු­ණා­රත්න, කොළඹ විශ්ව විද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ පිඨා­ධි­පති මහා­චාර්ය වජිර දිසා­නා­යක, ඉන්දි­යාවේ ආයු­ර්වේද ක්ෂේත්‍ර­යට සම්බන්ධ මහා­චා­ර්ය­ව­රුන්, ආචා­ර්ය­ව­රුන් ඇතුළු විද්ව­තුන් පිරි­සක්ද, මෙරට ආයු­ර්වේද ක්ෂේත්‍ර­යට සම්බන්ධ මහා­චා­ර්ය­ව­රුන්, ආචා­ර්ය­ව­රුන් ඇතුළු විද්වත්හු පිරි­සක්ද සහ­භාගි වූහ.

t

o

p