අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4කට රජයෙන් බිලියන 26.6ක සහල්

May 3, 2024

ජනාධීපති රනිල් වි්‍ක්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනූව දිවයිනේ දිස්ත්‍රික්ක 25 හිම අඩු ආදායම්ලාභී පවුල් සදහා අප්‍රේල් සහ මැයි මාස සදහා සහල් කිලෝ 10 බැගින් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද, ඒ සදහා මුළු දිවයිනේම අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සුදුසුකම් ලැබ ඇති අතර මේ සදහා රජය රුපියල් බිලියන 26.6ක් වැය කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා සදහන් කරයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

මෙම අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීමේ වැඩසටහනෙහි මූලික අරමුණ වනුයේ එම පවුල් වල පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම බව පැවසූ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබන පවුල් සංඛ්‍යාව 183,421ක් බවද ඒ සදහා රජය රුපියල් මිලියන 700ක් වැය කරන බවද අවධාරණය කළේය.

කොළඹ දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය කරන සහල් තොග ඇණවුම් කොට තමා විසින් ලබාගෙන ඇතැයිද, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යතාවය පරිදි කිසිදු ගැටලුවකින් තොරව මහා භාණ්ඩාගාරයෙන් තමා වෙත ලැබෙමින් පවතින බවද කේ ජී විජේසිරි මහතා පැවසුවේය.

ඊයේ වන විට මෙම වැඩසටහන සදහා කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබාඇති පවුල් 183,421න් පවුල් 150,000කට සහල් කිලෝ 10 මලු බෙදා අවසන් කර ඇතැයිද ඉතිරි ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළ බෙදා පළමු වටය අවසන් කරන බවද සදහන් කළේය.

ඉදිරි දින කිිහිපය තුළ දෙවනි වටයේ සහල් බෙදීම අරඹා මේ මස අවසන් වීමට ප්‍රථම මෙම සියලුම සහල් තොග බෙදා අවසන් කිරීමට සැලසුම් කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා කොළඹ කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරු පැමිණ සිටි අතර ඉතිරි දිස්ත්‍රික්ක 22හි දිස්ත්‍රික් ලේකම්වරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් තම දිස්ත්‍රික්ක වඩෙු ආදායම්ලාභී පවුල් සදහා සහල් ‍බෙදාදීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබදව කරුණු දැක්වූහ.

t

o

p