අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

June 18, 2023

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව සඳහන්ය.

t

o

p