වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
තිරිඟු පිටි ආනයනය කිරීමට බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇති අතර යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.