බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන්ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ තාවකාලිකව නතර කර ඇති තිරිඟු පිටි ආනයනයද යළි ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
තිරිඟු පිටි ආනයනය නතර නොකර පිටි කිලෝවක මිල රුපියල් 180ත් 170ත් අතර මිලකට අඩු කළේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10කට වැඩි මුදලකින් අඩු කිරීමට තීරණය කර තිබූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි.