එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද ඇරඹෙයි

June 18, 2023

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද(18) සිම්බාබ්වේ හිදී ආරම්භ වෙයි.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

කණ්ඩායම් 10ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදින අතර අදාළ තරග 34 හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදියි.

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යි තරග වදියි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වීමය නියමිතයි.

එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට දහවල් 12.30ට ආරම්භ වනු ඇති.

t

o

p