වැග්නර් එපා – රුසියානු ආරක්ෂක අංශ

June 28, 2023

ඉකුත් දා ඇතිවූ කැරැල්ලෙන් පසු රුසියානු ආරක්ෂක අංශ තුළ වැග්නර් කුලී හමුදාවට ඇති විරෝධය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එරට රජයට දන්වා ඇත්තේ අමතර භට පිරිස් අවශ්‍ය වුවත් එම අවශ්‍යතාවය සඳහා කුලී හමුදා කණ්ඩායම් අවශ්‍ය නොවන බවයි.

රුසියාවට මිලියන 07 ක පමණ වෘත්තිය හමුදා කණ්ඩායමක අවශ්‍යතාව පවතින නමුත් රටට කිසිඳු පෞද්ගලික හමුදා සමාගමක අවශ්‍යතාවක් නොමැති බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් ඉකුත්දා ආරම්භ කල කැරැල්ලෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා වැග්නර් කුලී හමුදාවට යලිත් වරක් රුසියානු හමුදාව සමග එක්වීමට අවස්ථාවක් ලබා දෙන ලදි.

t

o

p