අමෙරිකාවේ OceanGate සමාගම සියලු මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවයි

July 9, 2023

අමෙරිකාවේ OceanGate සමාගම සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම සමාගම සිය වෙබ් අඩවියේ මේ බව නිවේදනය කර ඇත.

එම සමාගමේ ටයිටන් සබ්මැරිනය පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ අතර, අමෙරිකා වෙරළාරක්ෂක බලකාය ජූනි 22 වැනිදා නිවේදනය කළේ එය පිපිරීමකට ලක්ව ඇති බවය.

එහි සිටි OceanGate සමාගමේ විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ් හාඩින්, ප්‍රංශ සබ්මැරීන විශේෂඥ පෝල්-හෙන්රි නර්ජොලට් සහ පකිස්තාන-බ්‍රිතාන්‍ය අධිපති ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ටයිටන් පුපුරා යාමෙන් ක්ෂණිකව මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

t

o

p