Special News

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් තවත් පොල්ලක්

සාමකාමීව එක්රැස්වීමේ නිදහස සහ ආශ්‍රය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන්. වූලේ (Clement N. Voule) විසින් කර ඇති චෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂ නියෝජිත ක්ලෙමන්ට් විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ 44 වැනි සැසිවාරයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු Read More

මැතිවරණ සෞඛ්‍ය රෙගු ලාසි 3කට නීතිපති අනුමැතිය

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද මහාධිකරණ කාලසීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පතෙහි සඳහන් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇත. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය . මේ අතර කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ Read More

ස්වයං නිරෝධායනය වන අයට ඡන්ද පෙට්ටි නිවෙසටම

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය නිවසින් නිවසට රැගෙන යාමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා. ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. නිරෝධායන නීති යටතේ ස්වයං නිරෝධායනයට ලක්වූවන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබීම හේතුවෙන් ඡන්ද Read More

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

රැකියා අහිමිවන පුද්ගලයින් වෙනුවෙන් ඉදිරියේදී මසකට රුපියල් දසදහසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වූ අවස්ථාවේ දීය. එම උත්සවය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වදින එකම පක්ෂය Read More

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාධිතයන් 43 829 ත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාධිතයන් ගණන විසිලක්රෑෂ 14 738 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ

ටෙලිෆෝන් කට්ටිය හොර මුද්දර ගහලා

මුද්දරවල විටිනාකම සටහන් කරන ව්‍යාජ යන්ත්‍රයක් මගින් වටිනාකම සටහන් කර සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් තැපෑලට යොමු කර තිබෙද්දී මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින්ට හසු වි තිබේ. 27 වැනිදා පැවැත්වෙන සමගි ජනබලවේගයේ රැස්වීමක් සම්බන්ධවූ එම ව්‍යාජ මුද්දර වටිනාකම සටහන් කර ලියුම් තොගය දැන් එකතු කරමින් සිටින බව තැපැල් ආරංචි මාර්ග පවසයි. අදාල වංචාව පිළිබඳ Read More

දිවයින පුරා වනජීවි නිලධාරීන් අසනීප නිවාඩු

දිවයින පුරා වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ වනජීවී සංගම් 07ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වී ඇති බවයි. ඔහු පැවසුවේ වනජීවී නිලධාරීන් සිදුකරන සේවය වෙනුවෙන් නිසි ඇගයීමක් නොමැති බවත්, නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනාවක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඔවුන් මෙය Read More

අඟුලාන පොලීසිය අසළ නොසන්සුන් තත්ත්වයක්

පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියට අදාළව අඟුලාන පොලීසිය අසළ අද නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. නොසන්සුන් ලෙස හැසිරුණු පුද්ගලයින් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. එම පහරදීමෙන් පොලිස්ථානයේ නාමපුරුවරු හා ජනෙල් වීදුරු ආදියට අලාභහානි සිදුවී තිබේ.

ඉන්දියාවේ ගංවතුර 50 කට වැඩි සංඛ්‍යාවක් මරුට

ඉන්දියාවේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. අවතැන් වූ සංඛ්‍යාව මිලියන 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. මේ අතර ඉන්දුනීසියාවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා  ඉහළ ගොස් තිබෙනවා. විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්දය වගේම ජීවිතත් වැදගත්: සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකලොත් ඡන්දය තවත් කල් යයි!

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යළිත් අවධාරණය කළේය. මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය. වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය Read More

t

o

p