ටෙලිෆෝන් කට්ටිය හොර මුද්දර ගහලා

July 17, 2020

මුද්දරවල විටිනාකම සටහන් කරන ව්‍යාජ යන්ත්‍රයක් මගින් වටිනාකම සටහන් කර සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් තැපෑලට යොමු කර තිබෙද්දී මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින්ට හසු වි තිබේ.

27 වැනිදා පැවැත්වෙන සමගි ජනබලවේගයේ රැස්වීමක් සම්බන්ධවූ එම ව්‍යාජ මුද්දර වටිනාකම සටහන් කර ලියුම් තොගය දැන් එකතු කරමින් සිටින බව තැපැල් ආරංචි මාර්ග පවසයි.

අදාල වංචාව පිළිබඳ පොලිසියට පැමිණිලි කර පොදු දේපල පනත යටතේ නඩු මගට යෑමට සූදානමින් සිටින බව පවසන එම ආරංචි මාර්ග මේ මුද්‍රණ වටිනාකම් සටහන් කරන යන්ත්‍ර මුල් වකවානුවේ පාර්ලිමේන්තු නියෝජිතියන්ට ලබා දී තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් එම මුද්දර සඳහා නියමිත මුදල තැන්පත් කිරීමෙන් අනතුරුව බවය.

t

o

p