මැතිවරණ සෞඛ්‍ය රෙගු ලාසි 3කට නීතිපති අනුමැතිය

July 18, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද මහාධිකරණ කාලසීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පතෙහි සඳහන් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇත. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය .

මේ අතර කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ මාර්ගෝපදේශය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ දී ගැසට් කිර ඇත.

පිටු 19 කින් යුක්තව ඉදිරිපත් කළ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඇතැම් අවස්ථාවලදී සංශෝධනයට ලක් කිරීමට සිදු වූ බව ද හෙතෙම පැවැසීය.

t

o

p