ස්වයං නිරෝධායනය වන අයට ඡන්ද පෙට්ටි නිවෙසටම

July 17, 2020

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය නිවසින් නිවසට රැගෙන යාමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා.

නිරෝධායන නීති යටතේ ස්වයං නිරෝධායනයට ලක්වූවන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබීම හේතුවෙන් ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට කීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

t

o

p