එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

July 17, 2020

රැකියා අහිමිවන පුද්ගලයින් වෙනුවෙන් ඉදිරියේදී මසකට රුපියල් දසදහසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වූ අවස්ථාවේ දීය.

එම උත්සවය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වදින එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් ඒ සඳහා නිසි වැඩසටහනක් ඉදිරිපත් කරන බවත් එහිදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

t

o

p