ඡන්දය වගේම ජීවිතත් වැදගත්: සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකලොත් ඡන්දය තවත් කල් යයි!

July 16, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යළිත් අවධාරණය කළේය.

මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය.

වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව ද සඳහන් කර සිටියේය. 

t

o

p