Special News

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් Read More

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු කණ්ඩායමට

ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා Read More

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අද (11) පෙ.ව. 7.00 සිට හෙට (12) පෙ.ව. 7.00 වන තෙක් වලංගු වන පරිදියි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන බව එම Read More

හයිලෙවල් මාර්ගය ජලයෙන් යට වෙයි

කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය කොටසක් ජලයෙන් යටවී තිබේ. පොලිසිය සඳහන් කළේ, ඇස්වත්ත හන්දිය සිට හිගුරල හන්දිය දක්වා කොටස මෙලෙස ජලගැලීමකට ලක්වී ඇති බවයි. ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වැදී ඇති අතර, එහි ටොනේඩෝ, ගංවතුර සහ කුණාටු ඇතිවීමේ අවදානම වැඩි කර තිබේ. මේ නිසා මිලියන දෙකකට වැඩි නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය නොමැති අතර අත්ලාන්තික් වෙරළ තීරයේ මරණ ගණනාවක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසයි. මිල්ටන් පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස මුළදී සඳහන් වූවත් මේ වන විට එය පළමු Read More

ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරයාට

ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරයාට ළඟා විය. කොළඹ වරායේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සාම්ප්‍රධායිකව මෙම නැව පිළිගැනීම සිදුකරනලදි. මීටර් 143ක් දිග මෙම ඉතාලි නෞකාව නිල වශයෙන් පිළිගැනීම බටහිර නාවික විධානයේ ආඥාපති රිය අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණි. මෙම නෞකාවේ පැමිණි පිරිස දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගමන් කරමින් එම Read More

තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන නිවේදනයක්

2024 මහ මැතිවරණෙයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතයි. එමෙනම අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල Read More

රතන් ටාටා අවසන් ගමන් යයි

ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන ටාටා හි (Tata) හිටපු සභාපති රතන් ටාටා (Ratan Tata) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 86 වන වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු මුම්බායි රෝහලකදී මිය ගොස් ඇති බවයි.

t

o

p