Business

ඉන්දියාවෙන් කාර් තොගයක් කොළඹට ගෙන්වයි

මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් ‘ස්ප්‍රින්ග් ස්කයි’ නෞකාව පසුගියදා ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට කොළඹ වරායට සේන්දු වී ඇත. දිගින් මීටර් 165ක් වන මෙම නෞකාව මෝටර් රථ ප්‍රවාහනය (Car Carrier) සඳහාම යොදා ගැනෙන නෞකාවකි. මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ECT පර්යන්තයෙහි නැංගුරම් ගත කළ පළමු වාහන Read More

වාහන ලියාපදිංචිය 50% කින් පහළට

2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907 Read More

සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක්

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා Read More

වරාය සේවකයින්ගෙන් විස්මිත නිර්මාණයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශයේ විස්මිත නිර්මාණයක් වන ලෝ බෙඩ් යන්ත්‍රය වරාය මෙහෙයුම් සඳහා මුදා හැරීම පසුගියදා වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේදී  සිදු කෙරිණ. බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි. මෙහිදී අදහස් දැක්වු Read More

උඩු දුම්බරට හොඳ මාළු අස්වැන්නක්

මිරිදිය ධීවර කර්මාන්තය මෙරට ග්‍රාමීය ආර්ථිකය යහපත් තත්ත්වයක පවත්වාගෙන යාමට මහත් රුකුලකි. එම කර්මාන්තය ග්‍රාමීය ජනයා ගේ පෝෂණ තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගෙන යාමටත් උපකාරයක් වෙයි. ඡායාරූපයේ දැක්වෙන ගුරාමියා උඩුදුම්බර ඡන්ද බල ප්‍රදේශයට අයත් මිනිපේ යෝධ ඇළ වාරිමාර්ග කලාපයේ ග්‍රාමීය ජලාශයක වැඩුණු මාළුවෙකි. උගේ බර කිලෝ 12ක් වීය. ගුරාමියෝ, කොරළියෝ, කැටලාවෝ, පෙතියෝ, ආඳෝ හා ලූල්ලු Read More

නේපාලයේ ආයෝජනයට ලංකාව සැරසෙයි

නේපාලයේ අධ්‍යාපන හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්. එස්. පෙරේරා මහත්මිය පැවසීය. නේපාලයේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ශ්‍රී ලංකා තානාපතිනිය, දෙරට අතර ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික Read More

කොළඹ ක්‍රියාදාමයේ පස්වන සමුළුව 25දා

කොළඹ ක්‍රියාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ පස්වන සමුළුව ලබන 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ ක්‍රියාදාමයේ රටවල වත්මන් සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය. ඒ අනුව Read More

ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම සම්පුර්ණ කරන්න පුලුවන්

2016 වසර අවසන් වන විට ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම 100% සම්පූර්ණ කළ හැකි බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී. බන්දුසේන මහතා පැවසීය. ඒ සඳහා රුපියල් මිලියන 250ක පමණ මුදල් වැය කරමින් නව යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇත. මෙම නව යන්ත්‍රය සවි කිරීම සඳහා වූ ගොඩනැගිලි ඉදිකිරීම වැනි සෙසු කටයුතු ඇතුළුව මෙම සංවර්ධන කටයුතු Read More

ආර්ථික දියුණුවට චයිනා මර්චන්ට් සමාගමෙන් ලංකාවට අතහිත

මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානමින් සිටින බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිලාෂයන් ඉතා වැදගත් බව පෙන්වා දුන් ලි ජියැන්හොං මහතා අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික Read More

t

o

p